රඹුක්කන වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

රඹුක්කන නගරයේ පැවති විරෝධතාවයට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෑගල්ල රෝහල් බලධාරීන් පවසන්නේ වෙඩි තැබීමකින් ලද තුවාල හේතුවෙන් මෙම පුද්ගලයා රෝහල් ගත කළ බවයි. මීට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තත්වයේ පසුවන බව රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළා. පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයින් 11 දෙකෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.