28.4 C
Colombo
Friday, April 26, 2024

Breaking: කොවිඩ් ආසාදිතව සිටි මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

කොවිඩ් ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

කොවිඩ් ආසාදිතව සිටි ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

මියයන විට වයස අවුරුදු 65 ක පසුවූ හිටපු අමාත්‍යවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

පසුගිය මස 25වනදා කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් තමන් තරුණ සංවිධාන සමඟ එක්වී ඇරඹූ “සැබෑ දේශප්‍රේමීන්” නම් නව බලවේගය හඳුන්වා දුන් ඔහු එහිදී පවසා සිටියේ “සර්ත් ෆේල්, සාත් ෆේල්.” යනුවෙනි.

ඉන් පසුව ඔහුට නැවත සමගි ජනබලවේගයට එක් වන ලෙසට ඉල්ලීම් කෙරුණත් ඔහු එය පිළිගත්තේ නෑ.

එමෙන්ම, විදේශ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍යවරයෙකු වශයෙන් ඔහු නම් දැරූ අයෙක්.

පසුගිය මස මෙරටට ලද මොඩෙර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ලබාදීමට ඇමරිකානු USAID හි පරිපාලන ප්‍රධානී සමන්තා පවර් මැදිහත්වූ අතර ඇය මංගල සමරවීර මහතාගේ සමීප හිතවතියක්.

තමන් ඉතාමත් කාර්‍යබහුල අවස්ථාවක වුවද ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත ගෙන්වාගත හැකි එකම පුද්ගලයා මංගල සමරවීර බව ඇය ඔහුගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් කොළඹදී 2019 වසරේ පැවැති උත්සවයේ මුඛ්‍ය දේශනය පවත්වමින් ඇය පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...