31 C
Colombo
Wednesday, February 12, 2025

අත්අඩංගුවට ගන්න කලින් මනූෂ ඇපයක් ඉල්ලලා

- Advertisement -

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පතක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මස 20 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසේ ස්ථානාධිපතිවරයාට නොතීසී නිකුත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ කණ්ඩායමක් මගින් ගොනු කළ ඇප අයදුම්පතක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර සේවක වැඩසටහනකට අදාලව පෙත්සම්කරු අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක් හා ඊ 8 වීසා ගැටලුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද නීතිඥවරු එම ඇප අයදුම්පත යොමු කරමින් අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

පෙත්සම්කරුට හිමිව තිබූ බලතල අනුව නිල කටයුත්තක් ලෙස ඊට අත්සන් තබා ඇති නමුත් එය ඔහු පෞද්ගලිකව සිදුකළ ක්‍රියාවක් නොවන බවද මෙහිදී නීතිඥවරු අධිකරණයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සිදු කර ඇත්තේ ඇමතිවරයා වශයෙන් රජයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පමණක් වන බවත්, ඔහුට එරෙහිව අපරාධ නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත්, ඒ හේතුවෙන් පෙත්සන්කරුට අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙසයි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඒ පිළිබඳව සලකා බැලීම කල් දමා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

POPULAR ARTICLES

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...