26 C
Colombo
Friday, February 14, 2025

මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම්

- Advertisement -

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම්දී තිබුණා.

තම සේවාදායකයා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඉන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. 

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වනදා කැඳවීමටද නියම කළා.
 

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...