අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් මස ඇති වූ ගංවතුරෙන් හානි වූ ගොවිබිම් අක්කර 80,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හදුනාගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
2024/25 මහ කන්නයේ වගා හානි පරීක්ෂාවට අදාළව අද (26) දිනට ප්‍රගතිය දක්වමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියා.
එම නිවේදනයට අනුව අනුව 2024/25 මහ කන්නයේ 2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වගා හානි සිදු වූ වගාවන් පරීක්ෂාකිරීම මේ වනවිටත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෙන් හා ගොවි සංවිධානවල සහභාගිත්වයෙන් සිදු කරනු ලබනවා.
ඉන් පොලොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව මේ වනවිට අවසන් කර තිබෙන බවයි පැවසෙන්නේ.
එම දිස්ත්‍රික්කවලට අදාළ අවසන් වාර්තා ලද පසුව වන්දි ගෙවීම් කටයුතු කරන බව මෙම නිවේදනයේ දැක්වෙනවා.
මීට අමතරව මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකවල වගා හානි පරීක්ෂාව එළැඹෙන 29 වනවිටත්, අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව දෙසැම්බර් මස 30 වනවිටත් අවසන් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
වගාහානි තක්සේරු කර එම තක්සේරුවට අදාළ නිරිදේශ ලද වහාම ආපදාවන්ට ලක් වූ ගොවීන්ගේ ගිණුමට වන්දි මුදල බැර කිරීමට කටයුතු කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පවසනවා.