24 C
Colombo
Sunday, November 3, 2024

ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි

- Advertisement -

දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 34,492 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතර පුද්ගලයින් 134,484 දෙනෙකු වන බවයි.

මේ වන විට පවුල් 1753 ක පුද්ගලයින් 6963 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 81 ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානිවූ නිවාස සංඛ්‍යාව 240 ක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඊයේ සවස 6 සිට අද අලුයම දක්වා කාලය තුළ පමණක් පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,113 ක පුද්ගලයින් 4495 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර, වැඩිම හානි ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව, 80 529 ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,914 ක පුද්ගලයින් 40,231 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

මේ අතර කළු,කැළණි ගංඟ සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කලේ කැළණි ගග නාගලගම්වීදියෙන්ද ,කළු ගග කුඩා ගග ප්‍රදේශයෙන්ද, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයේන්ද සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇති බවයි.

එමෙන්ම කළු ගග පුටුපවුල ප්‍රදේශයෙන් හා මගුර ප්‍රදේශයෙන් අවදානම් මටට්ටමට ලගා වී තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කලේ නිල්වලා ගඟද පානදුගම ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි.

මේ අතර දිස්ත්‍රික්ක 8 කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.

කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්ක වනවා.

මේ අතර, ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ග රැසක ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

මේ අතර, බස්නාහිර ,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ඉක්මවු වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රමිතියෙන් තොර කෑම පෙට්ටි සහ වතුර බෝතල්

පාසල් දරුවන් භාවිතයට ගන්නා ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය බොහොමයක් ප්‍රමිතියෙන් තොර ඒවා බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. එම සංගමයේ...

අස්වැසුමෙන් අසාධාරණයට ලක්වු පිරිස ගැන හොයන්න කමිටුවක්

අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ...

ඡන්ද කාඩ් බෙදන්න අද විශේෂ දිනයක්

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 8 සිට...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...