28 C
Colombo
Wednesday, April 24, 2024

ගේල්, රසල්,අෆ්රීඩි ඇතුළු දැවැන්තයින් රැසක් LPL සඳහා ලියාපදිංචි වෙයි

- Advertisement -

මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ( LPL Player Draft ) ක්‍රීඩක තෝරා ගැනීම ලබන 29 වන සිකුරාදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තාවනවා.

ඒ සඳහා වන විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ද අවසන් වී තිබෙනවා.

ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 677 දෙනෙකු මෙවර LPL තරඟාවලිය සඳහා ලියාපදිංචි වී සිටිනවා.

කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමු කිරීමෙන් පසු එම ක්‍රීඩකයින් ගෙන් 200 දෙනෙකු පමණ ක්‍රීඩක තෝරා ගැනීමට යොමු කිරිමට නියමිතයි.

ලියාපදිංචි වු විදෙස් ක්‍රීඩකයින් අතර ක්‍රිස් ගේල්, ඇන්ඩෘ රසල් , ඩේවිඩ් මලාන් , සහිඩ් අෆ්රීඩි , ෂොයිබ් මලික් , ශායි හෝප් , පැෆ් ඩුප්ලසි , ෂේල්ඩන් කොට්රල් ‍වැනි ටී20 ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සිටින බව වාර්තාවනවා.

එමෙන්ම මෙවර තරඟාවලිය සඳහා දේශීය ක්‍රීඩකයින් 380 දෙනෙකු ද මේ වන විට ලියාපදිංචි වී සිටින බව වාර්තාවනවා.

මෙවර LPL තරඟාවලිය දෙසැම්බර් මස 4 වැනිදා සිට 23 දක්වා පැවැත්වීමට මේ වන විට සැළසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...