23 C
Colombo
Friday, February 14, 2025

පාසල් සිසුවිය පැහැරගැනීම ගැන තවත් කරුණු රැසක් හෙළිවෙයි

- Advertisement -

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියක් පැහැරගත් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඊයේ (11) මෙම පැහැර ගැනීම සිදුකළ ප්‍රධාන සැකකරු දැරියගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

මෙම දැරියගේ සහ එම සැකකාර තරුණයාගේ විවාහය සඳහා දෙපාර්ශවයේ කැමැත්ත මුලින් ප්‍රකාශ කර තිබී ඇති අතර පසුව දැරියගේ පියා විසින් අකමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන් වනවා.

ඒ අනුව, ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සැකකරු විසින් මෙම දැරිය පැහැරගෙන ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ, දැරිය සොයා ගැනීමට සහ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

පොලීසිය පැවසුවේ, පාසල් සිසුවිය දවුලගල, හන්දෙස්ස ප්‍රදේශයේ නේවාසිකව රැඳී සිට ඇති අතර ඊයේ (11) උදෑසන කාලයේ ඇය සිය මිතුරියක සමග පාසලට පිටව යමින් සිටිට දී මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් දවුලගල පොලීසිය සිදුකළ විමර්ශන අනුව පැහැර ගැනීමේ සිද්ධියට අදාළ වෑන් රථය ඊයේ දිනයේදීම පොළාන්නරුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොළොන්නරුව පොලීසිය විසින් සොයාගෙන තිබුණා.

ඒ අනුව, අදාළ වෑන් රථයේ රියදුරුව අද (12) ගම්පොළ ප්‍රදේශයේදී දවුලගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර වෑන් රථයේ රියදුරු වයස අවුරුදු 30 ක් වන කහටපිටිය, ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
 
RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES