28 C
Colombo
Saturday, April 19, 2025

ලංකාවට තවත් රන් පදක්කම් රැසක්

- Advertisement -

දකුණු අසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවරදි අද (11) ආරම්භ වුණා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙනු පළමු රන් පදක්කම දිනා දෙන්නට කාන්තා මීටර 800 අවසන් තරගයට සහභාගී වු තරුෂි අභිෂේකා සමත් වුණා.

ඒ තරගය මිනිත්තු 2යි තත්ත්පර 10යි දශම 17කින් අවසන් කරමිනි.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම තරගය මිනිත්තු 2යි තත්ත්පර 12යි දශම 13කින් අවසන් කළ ශ්‍රී ලංකාවේ සංසලා හිමාෂනි දිනාගත්තා.

මේ අතර පිරිමි මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම ද දිනා ගන්නට ශ්‍රී ලංකාවේ සවිදු අවිශ්ක සමත් වුණා.

ඒ තරගය මිනිත්තු 1යි තත්ත්පර 49යි දශම 83කින් අවසන් කරමින්.

තරගයේ ආරම්භයේ පටන් සවිදුට අභියෝගයක් එල්ල කරන්නට ඉන්දියානු ක්‍රීඩකයින් දෙදෙනා සමත් වුවත් තරගයේ අවසන් මීටර කිහිපයේදී තරගයේ ප්‍රතිඵලය වෙනස් කරන්නට සවිදු සමත් වුණේ ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දෙමින්.

මේ අතර කාන්තා උස පැනීමේ ඉසව්වේ ද රිදී පදක්කම දිනා ගන්නට කෂ්මිකා තිමේෂී සහ නේත්‍රා සමාධි සමත් වී තිබුණා

ඒ මීටර 1යි දශම 65ක උසක් වාර්තා කරමිනි.

මෙම තරඟ ඉසව්වේ රන් පදක්කම ඉන්දියානු ක්‍රීඩිකාවක් විසින්  දිනාගත්තා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...