26 C
Colombo
Friday, February 14, 2025

මෙරටට පැමිණි නැව් රැසක් හැරිලා ගිහින්

- Advertisement -

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ, ඔරුගොඩවත්ත RCT අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට අද (15) එක් වූ අවස්ථාවේදී.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදයට කඩිනම් විසඳුම් සැපයීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉරිදා අදාළ පාර්ශ්ව කැඳවා සාකච්ඡා කළා.

එහිදී දින 7ම පැය 24ම රාජකාරී කිරීමට රේගු නිලධාරීන් ජනපතිවරයාට එකඟ වි තිබුණා.

බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ එම සාකච්ඡාවෙන් පසු නිෂ්කාශන ක්‍රියාවලිය මේ වනවිට කඩිනමින් සිදුවෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් ඔරුගොඩවත්ත රේගු අංගනය අසල තවදුරටත් පෝළිම් දක්නට ලැබෙනවා.

ආනයන අපනයන නිෂ්කාශන නියෝජිතයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ, නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීමට නම් මෙම ක්‍රියාවලියට අදාළ සියලුම ආයතන පැය 24ම සේවය සැපයීම අවශ්‍ය බවයි.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...