24 C
Colombo
Thursday, February 13, 2025

බොහෝ රාජ්‍ය නායකයින් අකල් මරණවලට ගොඳුරු වුණා – වජිර

- Advertisement -

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී රජය ඉතාමත් කල්පනාවෙන් සහ පරිස්සමින් ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඉතිහාසය පුරා සිටි රාජ්‍ය නායකයන් බොහෝමයක් අකල් මරණවලට ගොදුරු වී ඇති බව පැවසු අබේවර්ධන මහතා ඒ නිසාම ප්‍රභු ආරක්ෂාව, ආරක්ෂක අමාත්‍යංශයට ව්‍යවස්ථානුකුලව ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන් කළා.

වජිර අබේවර්ධන මහතා මේ බව පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරණ්දෙනිය මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල හමුව අමතමින්.

එහිදී වජිර අබේවර්ධන මහතා ,

”අද බොහෝ දෙනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ප්‍රභූ ආරක්ෂාව ගැන කතා කරනවා. වර්තමාන රජය මෙම ආරක්ෂාව කප්පාදු කරන එක ගැනත් සමාජයේ විවිධ කතා තිබෙනවා. කොහොම උනත් මේ තීන්දු තීරණ ගන්නකොටත් රජය ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ තිස් අවුරුද්දක් පුරා තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න අවසානයේ නායකත්වය දුන් පුද්ගලයා”

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES