28 C
Colombo
Sunday, October 1, 2023

මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් 08කට කොවිඩ්

- Advertisement -

මාරවිල මූලික රෝහල තුළ කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් එම රෝහලේ කටයුතු දැඩි ලෙස අඩාල වී තිබෙනවා. මේ වනවිට එම රෝහලේ හදිසි අනතුරු වාට්ටු දෙකක්, ගැබිනි මව්වරුන්ගේ වාට්ටු දෙකක් සහ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද නිළධාරිනියන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පළමුව තහවුරු කරගත් අතර අද උදෑසන වනවිට රෝහල් කාර්ය මණ්ඩලයේ තවත් 31 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. ඒ අතර වෛද්‍යවරුන් 08 දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

වසා දමා ඇති වාට්ටු නැවත ආරම්භ කර රෝහලේ කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි පුත්තල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...