සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ චරිත හේරත් යන මහත්වරුන් ඉල්ලා අස් වුණා.
කෝප් කමිටුවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කිරීම හේතුවෙන් මේ වන විට එම කමිටුව තුළ දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.