27.8 C
Colombo
Monday, June 16, 2025

ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින්

- Advertisement -

අමෙරිකානු හමුදාව, ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක් යොදවන බවට තහවුරු කර තිබෙනවා.

ඒ ෆෙඩරල් නිලධාරීන් හා දේපළ ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති 51 වැනි කාර්ය සාධක බලකායට සහාය වීම සඳහායි.

සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙනවා.

ලෝස් ඇන්ජලීස් නුවරට ආරක්ෂක භටයින් 2,000 ක් යෙදවිමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කර තිබුණා.

ඒ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ආරක්ෂාව වැඩි කිරිම සඳහා ආරක්ෂක අංශ යෙදවිමට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුවයි.

ජනපතිවරයා පැවසුවේ ආරක්ෂක භටයින් යෙදවීමට වැදගත් තීරණයක් ගත් බවත් එසේ නොකළේ නම්, ලොස් ඇන්ජලීස් සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ තිබූ බවයි.

ලොස් ඇන්ජලීස් වෙත ආරක්ෂක භටයින් යෙදවීම සම්බන්ධයෙන් කැලිෆෝනියාවේ නීතිපති රොබ් බොන්ටා සහ ආණ්ඩුකාර ගැවින් නිව්සම් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයා පැවසුවේ මෙය ෆෙඩරල් රජයේ අධිකාරිය ඉක්මවා යාමක් බවයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී...

POPULAR ARTICLES