29 C
Colombo
Thursday, July 17, 2025

කොළඹ වරායෙන් මතු වූ සමූහ මිනීවළ

- Advertisement -

කොළඹ වාණිජ අගනගරයේ අධි ආරක්ෂිත කලාපයකින් තවත් සමූහ මිනිවළක් මතුව තිබෙන බවට බීබීසි සිංහල පුවත් සේවය වාර්තා කරනවා.

එම පුවත් සේවය වාර්තා කරන්නේ, ජුලි මස 13 වැනිදා මෙලෙස මිනිස් අස්ථි කොටස් හමු වී ඇත්තේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් බවයි.

ඒ ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුරදීයි බවයි බීබීසි සිංහල පුවත් සේවය වාර්තා කරන්නේ.

ඒ සම්බන්ධව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරු ඉදිරියේ මේ මස 05 වැනි දින මිනිවළේ කැණීම් කටයුතු ආරම්භ කර තිබුණා.

මෑත කාලයේ මෙරටින් හමුවු සමූහ මිනීවළවල් හි කැණීම් කළ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මෙම සමූහ මිනීවළේ කැණීම් කටයුතු මෙහෙයවනු ලබන බවද එහි සඳහන් වනවා.

ඔහු බීබීසි සිංහල පුවත් සේවයට පවසා ඇත්තේ, මෙතෙක් මෙම මිනීවළේ කාලය සම්බන්ධව කිසිවක් අනුමාන කළ නොහැකි බවයි.

එමෙන්ම එම ස්ථානයේ ඇති වී තිබෙන මෙම ව්‍යවුල් සහගත තත්ත්වය හේතුවෙන් එය සංකීර්ණ ස්ථානයක් බවත් එහිදී මාර්ග දෙකක් සහ බෝක්කු සාදා ඇති බවයි ඔහු පවසන්නේ.

සංවර්ධනයට ලක් වුණු ප්‍රදේශයක් බැවින් ඒ හේතුවෙන් එම ස්ථානය සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව තිබෙන බවට මහචාර්යවරයා වැඩිදුරටත් පවසා තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

එහිදී මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමූහ මිනීවළේ දැනට පවතින තත්ත්වය සම්බන්ධව බීබීසී පුවත් සේවයට වැඩිදුරටත් දැක්වූ අදහස් :

“අපිට කාලයක් තහවුරු කරන යමක් ලැබෙන තුරු කාලයක් ගැන මොනවත් කියන්නත් බැහැ. අපි තාම ඇටසැකිලි ලෙවල් එකට ඇවිල්ලත් නැහැ, තාම උඩ ඉඳලා තමයි යන්නේ. තව දවස් දෙකක් තුනක් විතර යයි අපිට ඇට සැකිලි මට්ටමට යන්න”

RECENT ARTICLES - SINHALA

කාලගුණෙන් රතු නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්. සිව්දෙනෙක්ට තුවාල

මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (17) උදෑසන...

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

POPULAR ARTICLES