26.7 C
Colombo
Monday, June 16, 2025

ලොව මෝටර් රථ නිෂ්පාදන සමාගමක දැවැන්ත සේවක කප්පාදුවක් 

- Advertisement -

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම හේතුවෙන් රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගෝලීය වශයෙන් තවත් රැකියා 11,000කට ආසන්න ප්‍රමාණයක් කපා හැරීමට සහ කර්මාන්ත ශාලා 07ක් වසා දැමීමට එම සමාගම තීරණය කර තිබෙන බව පැවසෙනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී එම සමාගම විසින් ගෝලීය වශයෙන් රැකියා කප්පාදු කිරීම් 9,000ක් සිදුකළ අතර මෙම නවතම කප්පාදු කිරීමත් සමග එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද මුළු සේවක ඉවත් කිරීම 20,000කට ආසන්න අගයක් ගන්නා අතර එය එහි ශ්‍රම බලකායෙන් 15%ක අගයක්.

නිසාන් සමාගමේ ගෝලිය වශයෙන් පුද්ගලයින් 133,500ක් පමණ සේවය කරනු ලබනවා.

චීනයේ ප්‍රතිවාදි සමාගම්වල තරගකාරීත්වයට එරෙහිව සටන් කිරීම සඳහා නිසාන් සමාගම සහ ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හොන්ඩා සමාගම සමග එක්ව ඔවුන්ගේ ව්‍යාපාර ඒකාබද්ධ කිරීමට මින් පෙර සැලසුම් කර තිබුණා. 

එහෙත් ඒ සඳහා වූ සාකච්ඡා බිඳ වැටී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ එම සමාගම් දෙක බිලියන ගණනක ගිවිසුමකට එකඟ නොවීම හේතුවෙන්.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මෙම ඒකාබද්ධ කිරීම සිදු වූයේ නම් ඩොලර් බිලියන 60ක මෝටර් රථ කර්මාන්ත දැවැන්තයෙකු නිර්මාණය වීමට ඉඩ තිබූ අතර එය ටොයොටා, වොක්ස්වැගන් සහ හුන්ඩායිවලට පසු වාහන අලෙවියෙන් ලොව සිව්වන විශාලතම සමාගම වනු ඇති බවත්ය.

එමෙන්ම සමාගම් දෙක අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු එවකට නිසාන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ මකෝටෝ උචිඩා වෙනුවට එම සමාගමේ ප්‍රධාන සැලසුම් නිලධාරියා සහ එහි මෝටර් රථ ක්‍රීඩා අංශයේ ප්‍රධානියා වූ අයිවන් එස්පිනෝසා පත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් සමාගමට තවදුරටත් පීඩනයක් එල්ල වී ඇති අතර ඒ සමග නිසාන් සමාගම වාර්ෂිකව ඩොලර් බිලියන 4.5ක පාඩුවක් වාර්තා කර ඇති බවත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

POPULAR ARTICLES