26 C
Colombo
Friday, February 14, 2025

දකුණු කොරියාවේ දැවැන්ත විරෝධතා

- Advertisement -

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට විපක්ෂයට සහ අධිකරණ පද්ධතියට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පෙළගැසී සිටිනවා.

හදිසියේ රටට හමුදා නීතිය පැනවීමේ සිදුවීමක් මුල්කර ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 3වනදා දෝෂාභියෝගයකින් යුන් සුක් යෝල්  ධුරයෙන් පහ කළා.

කෙසේ නමුත් ඉන් පසුව දකුණු කොරියාවේ දේශපාලන අර්බුදයක් උද්ගත වී තිබුණා.

අනතුරුව රජයට එරෙහිව කැරළිගැසූ බවට නඩු විභාගයක් ආරම්භ කළා.

කෙසේ නමුත් එම නඩු විභාගය කැඳවූ අවස්ථා තුනකදීම යුන් සුක් යෝල් එය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්වුණා.

මේ හේතුවෙන් යුන් සුක් යෝල් පාර්ශ්වකරුවන් සෝල් අගනුවර රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මෙලෙස විරෝධතාවේ නිරතව සිටිනවා.

දකුණු කොරියානු විපක්ෂයට සහ එරට අධිකරණ පද්ධතියට යුන් සුක් යෝල් පාර්ශ්වකරුවන්ගෙන් මෙහිදී දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

දහස් ගණනක විරෝධතාකරුවන් හේතුවෙන් රැඳවුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්වූ බවට පැවසු යුන් සුක් යෝල් මුලදී අවධාරණය කළේ, විමර්ශන සඳහා සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වුවද, ඔහු මෙතෙක් විමර්ශන සඳහා සහාය දක්වා නොමැති අතර, ප්‍රශ්න කිරීම්වලදී නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...