28 C
Colombo
Saturday, April 19, 2025

මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

- Advertisement -

ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙක් ලෙස සැලකෙන මැතිව් වේඩ් වසර 13ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව අද (29) නිවේදනය කර තිබෙනවා.

වේඩ් සමුගන්නාවිට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 36ක්, එක්දින ජාත්‍යන්තර තරග 97ක් සහ 20 -20 ජාත්‍යන්තර තරග 92ක් ක්‍රීඩා කර තිබෙනවා.

36 හැවිරිදි වේඩ් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනකදී ඔස්ට්‍රේලියාව නියෝජනය කර ඇති අතර එහිදි 2021 වසරේ ඩුබායිහිදී ඔස්ට්‍රේලියාව 20 -20 ලෝක ශූරයන් බවට පත්වූ අවස්ථාවේදී එම කණ්ඩායමේ උප නායකයා ලෙසද කටයුතු කළා.

එම තරගාවලියේ අවසන් පූර්ව වටයේදී පාකිස්තානයට එරෙහිව පන්දු 17කින් ලකුණු 44ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට රැගෙන යාමේ ගෞරවය වේඩ්ට හිමිවනවා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 36කට ක්‍රීඩා කළ වේඩ් 2019 වසරේදී අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී වාර්තා කළ ටෙස්ට් ශතකය ඔහුගේ ක්‍රිකට් දිවියේ කැපිපෙන අවස්ථාවක් ලෙස සඳහන් වනවා.

මැතිව් වේඩ් සඳහන් කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නද බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බවයි.

මේ අතර, ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ වේඩ් ඔස්ට්‍රේලියා පිලේ පාකිස්තාන තරග සංචාරයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස එක්වීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...