මාවනැල්ල – හිඟුල ප්‍රදේශයේ කොළඹ – නුවර මාර්ගය අසල ඉදිකර ඇති බුදුමැදුරක ඉදිරිපස ආවරණ වීදුරුව ඊයේ (28) අළුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩා දමා හානිකර තිබීම සම්බන්දයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භවී තිබෙනවා.
ඒ අනුව පොලීසිය මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර අද පස්වරුවේ එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම CCTV දර්ශන නිරීක්ෂණය කිරීමටද නියමිතයි.
අදාල සිදුවීමෙන් බුදු පිළිමයට කිසිදු හානියක් සිදුව නැති අතර ඉදිරිපස වීදුරුවට පමණක් හානිවී තිබෙනවා.
මීට අමතරව මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ අලුත්නුවර නගරයේ මාර්ගයක් අසල ඇති බුදුපිිළිමයක ඉදිරිපස වීදුරුවටද මීට දින තුනකට පෙර පහරදී එම වීදුරු ආවරණය කඩා දමා තිබෙනවා.
එමෙන්ම මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියකින් එහි කල් කැඩීම සදහා යොදා ගැනීමට ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද අතුරුදහන්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.





