මැයි 09 සිද්ධිය: ජොන්ස්ටන් අල්ලන්න CID කණ්ඩායම් 2ක්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ පෙරේදා (01) දිනයේදීයි.