30.3 C
Colombo
Thursday, April 25, 2024

කුරුණෑගල නගරාධිපති උපන්දින සාදයක් දාලා (වීඩියෝ)

- Advertisement -

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඊයේ (30) සිය උපන්දින සැමරුම පොලිස් නිලධාරීන්ද පිරිවරා පවත්වා තිබෙනවා.

කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කරන සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

එම ස්ථානයට කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ පස්වරුවේ සහභාගි වූ අතර එහිදි පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් උපන්දින කේක් ගෙඩියක් සූදානම් කර තිබෙනවා.

පසුව නගරාධිපතිවරයා එය කපා උපන්දින සාදය එම ස්ථානයේම පවත්වීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එය නිරෝධායන නීතින්ට පටහැනි ක්‍රියාවක් බවයි.

ඔහු සදහන් කරන්නේ මෙම සිදුවීම විමර්ශනය කිරීම සඳහා පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවයි.

මීට පෙර අවස්ථාවක කුරුණෑගල පිහිටි බුවනෙකබාහු රජ සමයට අයත් බව කියන ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට චෝදනා එල්ල වුණා.

එම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ නගරාධිපතිවරයාගේ එක මයිල් ගහකට අතතැබීමට නොදෙන බවයි.

ඊට පෙර අවස්ථාවක කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු බිය ගැන්වීම, මුදල් පැහැර ගැනීම හා පුද්ගලයෙකු පැහැර ගැනීම යන චෝදනාවන්ට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

RECENT ARTICLES - SINHALA

ITC Ratnadipa අද විවෘත කෙරේ

ගාලුමුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම...

දකුණේ දේශපාලකයෙක් කොරියාවට යවනවා කියලා කෝටි 3 ක් අරන්

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ දේශපාලනඥයෙකු විසින් තරුණයින් පන්සියයකට පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා. ඒ සඳහා කොළඹ...

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...