25 C
Colombo
Wednesday, September 27, 2023

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

- Advertisement -

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත යුතු බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අවධාරණය කර තිබෙනවා.

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තුවේදී පසුගිය 24 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතනවන පරිවාස සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා රක්ෂක අධිකාරිය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය, ස්වාධින රූපවාහිනි සේවය, ලේක්හවුස් ආයතනය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යන රාජ්‍ය මාධ්‍ය ආයතන මෙම සංසදය වෙත කැඳවා තිබෙනවා.

විශේෂයෙන් ළමා අපයෝජන සහ ළමා අපචාර සිදුවන අවස්ථාවලදී ළමයින්ගේ අනන්‍යතාවන් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් අදාළ දරුවන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල වන බව මෙහිදි සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන් බව වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...