28 C
Colombo
Sunday, October 1, 2023

කුරුදු සිගරට්ටුවට වෛද්‍ය සංගමයේ විරෝධය

- Advertisement -

විමල් වීරවංශ මහතා විසින් ප්‍රවර්ධනය කිරීමට යෙදුන කුරුදු සිගරට්ටුව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) සිය විරෝධය පලකරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කරන්නේ ඕනෑම දුම්පාන නිෂ්පාදනයක් මගින් පෙනහළුවලට හානි සිදුවන බවයි.

මෙම කුරුදු සිගරට්ටුව ආයුර්වේද දූම පානයක් ලෙස ප්‍රවර්ධනය කරමින් පසුගියදා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද සහභාගීවූ උත්සවයකදී එය මහජනතාවට හඳුන්වාදීමට කටයුතු කළා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරන්නේ ඖෂධ පැලෑටි හෝ වෙනත් කිසියම් ද්‍රව්‍යයකින් හෝ නිෂ්පාදනය කර ඇති දුම්පානයක් නිතිපතා භාවිතයට ගන්නා විට ශරීරයට හානි සිදුවන බවයි.

එවැනි දෑ ප්‍රවර්ධනය කිරීමට හෝ අලෙවිකරණයට සහය නොදෙන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

හන්තානේ ජනතාවට දිවියන්ගෙන් බලපෑම්

හන්තාන රක්ෂිතය ආශ්‍රිතව ගැවසෙන දිවියන් කිහිපදෙනෙකු ගම්වැදීම හේතුවෙන් රක්ෂිතය අවට ප්‍රදේශවල ජීවත්වන ගම්වාසින්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ගම්වාසින් පවසන්නේ රාත්‍රී කාලයේ ගම්වදින...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...