29 C
Colombo
Saturday, January 18, 2025

මීගොඩ – පනාගොඩ වෙඩි තැබීමට සැකකරු දෙන්නෙක් අත්අඩංගුවට

- Advertisement -

මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේදී   ඉකුත් (14) දා රාත්‍රීයේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර  එහිදී මීගොඩ නාගහවත්ත පාර අංක 231 / 01   හි පදිංචි  නලින් සඳුන් කල්දේරා නොහොත් (බබා) නමින් හඳුන්වන (32) හැවිරිදි සමෘද්ධි අමාත්‍යාංශයේ කාර්යාල කාර්යය සහායකයෙකු මියගොස් තිබුණා.

ඒ ඔහුගේ  ඥාති නිවසක පැවති සාදයක් නිමවා සිය බිරිඳ හා බිළිදු දරුවා සමග මෝටර් රථයෙන් නිවසට පැමිණෙමින් සිටියදීයි.

මීට අමතරව පනාගොඩ , පැලෑදගොඩ පාර , රණවිරු ගම්මානයේ නිවසකට ඉකුත් 18 දා අලුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියකින් නිවස දෙසට වෙඩි තබා  පලා ගොස් තිබු අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව තිබුණේ නැහැ.

පසුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හයදෙනෙකු ටී 56 වර්ගයේ ගිනිි අවියක්,  උන්ඩ විසි හයක් , මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් , උන්ඩ 10, ත්‍රී රෝද රථයක් යතුරුපැදියක් විමර්ශනය නිලධාරීන් සොයාගෙන තිබුණි.

පසුව  අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම වෙඩි තැබීමේ සිද්ධීන් දෙකම මීගොඩ පදිංචි පුද්ගලයකු විසින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණය වී තිබූ අතර ඒ අනුව  ඔහු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

RECENT ARTICLES - SINHALA

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

POPULAR ARTICLES