32 C
Colombo
Friday, March 29, 2024

නුදුටු කාශ්මීරය ඇස් මානයට ගෙන එන ෂබ්නම්

- Advertisement -

කාශ්මීරයේ වික්‍රමාන්විත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ ගවේෂණය නොකළ ගමනාන්ත කාශ්මීර සංචාරක සිතියමට ඇතුලත් කිරීමට වෙර දරන තරුණියක් පිළිබඳ විදෙස් මාධ්‍යයේ වැඩි අවධානයක් යොමුවී ඇත.

උතුරු කාශ්මීරයේ බණ්ඩිපෝරා හි දුෂ්කර ගම්මානයක උපත ලැබූ හැවිරිදි ඇය නමින් ෂබ්නම් බෂීර් ය.

ඇයව මේ වන විට හඳුන්වනු ලබන්නේ ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ගවේෂකයකු සහ ලේඛිකාවක වන ඉසබෙල් බර්ඩ් (Valley’s Isabella Bird) ගේ නාමයෙනි.

සියලු බාධාවන් ප්‍රතික්ෂේප කරමින් උතුරු කාශ්මීරයේ හර්මුක් කඳුවැටිවල කිසිදා මිනිස් ඇස නොගැටුණු බිම් ප්‍රදේශවල තනිව සංචාරය කරමින් විවිධ පර්යේෂණවල නිරත වන ඇය සංචාරක අධ්‍යයනය පිළිබඳ උපාධි අපේක්ෂිකාවක වේ.

Gulmarg, Pahalgam, Sonamarg සහ Dal Lake ඇතුළු තෝරාගත් සහ ජනප්‍රිය ස්ථාන සංචාරක ව්‍යාපාරයට සීමා නොකළ යුතු බවත්, සැබෑ කාශ්මීරය ගවේෂණය නොකළ කඳුකරයේ ඇතැයි විශ්වාස කරන බවත් ඇය පවසන්නීය.

කාශ්මීරයේ සංචාරක විභවය ඉස්මතු කිරීම සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහා ප්‍රිය පුද්ගලයින් එවැනි ස්ථාන වෙත ආකර්ෂණය වන පරිදි ගවේෂණය නොකළ සංචාරක ගමනාන්ත පිළිබඳව කාශ්මීරයේ ජනතාවට මාර්ගෝපදේශයක් ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ඇය 2021 දී “ගවේෂණය නොකළ කාශ්මීරය” නමින් සිය පළමු ග්‍රන්ථය එළි දැක්වූවාය.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...