30.6 C
Colombo
Thursday, April 25, 2024

ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

- Advertisement -

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ විදේශ අමාත්‍යවරු අතර හමුවක් පැවැත්වේ

රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක  සමුළුවට (CHOGM) සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ නවසීලන්ත විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මාහූටා මැතිනිය අතර ද්විපාර්ශ්වික හමුවක් ජූනි 22 වැනි දින පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා පිළිබඳව සඳහන් කළ විදේශ  අමාත්‍ය පීරිස් මැතිතුමා ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම බහුපාර්ශ්වික ආයතනවලින් මෙරටට ලැබෙන සහයෝගය පිළිබඳව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය දැනුම්වත් කළේය. ඉදිරි සති කිහිපය තුළ මූල්‍ය අවශ්‍යතා ආශ්‍රිතව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමා අවධාරණය කළේය. නවසීලන්තයෙන් සහ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් සහය ලබාගැනීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව සොයා බැලීමට නවසීලන්ත විදේශ අමාත්‍යවරිය සිය එකඟත්වය පළ කළාය.

සැපයුම්දාමය සහ සැපයුම් සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය සහ කෘෂි නිෂ්පාදන පදනම් වූ කර්මාන්ත දියුණු කිරීම සඳහා නවසීලන්තයේ සහය ඉල්ලා සිටියේ ය. කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග උග්‍ර වී ඇති ආකාරය ද අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී පැහැදිලි කළේ ය. 

ජීවනෝපාය සඳහා අධ්‍යාපනය වඩාත් අදාළ වන පරිගණක සහ තොරතුරු තාක්‍ෂණය වැනි විෂයයන් කෙරෙහි අවධාරණය කරමින්, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර ආශ්‍රිතව පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළහ. දේශගුණික විපර්යාස, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ සාගර සම්පත් සංරක්ෂණය වැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය යන දෙපාර්ශ්වයේ පවත්නා වැදගත්කම සැලකිල්ලට ගනිමින්, සාගර ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ. 

නූතන ලෝකය තුළ මානව වර්ගයාගේ යහපත සඳහා කටයුතු කරන බලවේගයක් වන පොදුරාජ්‍ය මණ්ඩලයේ අනාගත ගමන පිළිබඳව ද අමාත්‍යවරු දෙදෙනා මෙහිදී සිය අදහස් හුවමාරු කර ගත්හ.

කැරිබියන් කලාපය සමඟ වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ ජාත්‍යන්තර සංසද හමුවේ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ඩොමිනිකාවේ විදේශ කටයුතු, ජාත්‍යන්තර ව්‍යාපාර සහ ඩයස්පෝරා සබඳතා පිළිබඳ අමාත්‍ය ආචාර්ය කෙනත් මෙල්කොයර් ඩරූ මැතිතුමා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.


විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

RECENT ARTICLES - SINHALA

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා – රනිල්

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී...

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා. සිද්ධිය දුටු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...