ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල අගමැති නෆ්ටාලි බෙනට් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටිනවා.
එය සිදුව ඇත්තේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වෙන ලෝක දේශගුණ සමුළුව අතරවාරයේදීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී ක්ෂේත්‍ර ගණනාවකට අදාළව නව තාක්ෂණය හුවමාරු කර ගැනීමට දෙපාර්ශවය එකග වූ බවයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර දැනට පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද මෙහිදී එකඟ වූ බවයි.