අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ අමාත්‍යවරයාට ද දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුබාසිංශන පළ කළා.
මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ දී තායිලන්ත බෞද්ධ නියෝජිතයන් විශාල පිරිසකට තාවකාලික පැවිද්ද ලබාදීමත් සමග දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළා.
එමෙන්ම, නව නිදහස් වෙළද ගිවිසුම මගින් දෙරට අතර ආර්ථික සබදතා වර්ධනය කර ගැනීමට හැකිවෙනු ඇති බව තායිලන්ත තානාපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
ධීවර ක්ෂේත්‍රයේ නව හවුල් ව්‍යාපාර පිළිබද සොයා බැලීම සදහා තායිලන්තයේ ආයෝජකයන් පිරිසක් පසුගිය සතියේ මෙරටට පැමිණි අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සදහා ඇති හැකියාව පිළිබද සාකච්ඡා කිරීමට තවත් පිරිසක් ලබන සතියේ පැමිණෙන බවත් තායිලන්ත තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.
මෙම කණ්ඩායම් විදුලිය නිපදවීම සදහා සූර්ය පැනල සවිකිරීමේ හැකියාව සොයා බැලීමට දැදුරු ඔය සහ යාන් ඔය ජලාශ නැරඹීමට ද නියමිතව තිබෙනවා.