32 C
Colombo
Friday, April 19, 2024

මෙල්බන් කම්පා කල භූමිකම්පාව (වීඩියෝ)

- Advertisement -

අද පෙරවරුවේ අග්නිදිග ඕස්ට්‍රේලියාවේ රික්ට මාපකාංක 5.8 භූමිකම්පාවක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙල්බන් නගරයේ ගොඩනැගිලි වලට හානි කරමින් වික්ටෝරියානු ප්‍රාන්තයේ අගනගරයට නුදුරු මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පරවරු 9.15 ට වාර්තා වූ භූමිකම්පාවෙන් ජීවිත හානි හෝ බරපතල තුවාල කිසිවක් වාර්තා වී නැතැයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරනවා.

මෙල්බන් නුවරට ආසන්නයේ සිදුවූ භුමිකම්පාව දකුණු ඕස්ට්‍රේලියාවට සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයට පවා දැනී ඇති බවයි වාර්තා වල සඳහන් වෙන්නේ.

ප්‍රධාන කම්පනයට පසු රික්ටමාපකාංක 4.0 සහ 3.1 ලෙස සටහන් වූ පසු කම්පන දෙකක්ද වාර්තා වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු භූ විද්‍යා ආයතනයට අනුව සිදුවූ භූමිකාව කිලෝමීටර් 10 ක නොගැඹුරු ප්‍රදේශයේ සිදුවී ඇතැයි වාර්තා වෙනවා.

මේ දිනවල ඇමරිකානු සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවට භූමිකම්පා දුර්ලභ සිදුවීම් නොවන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ බරපතල තුවාල හෝ මරණ වාර්තා නොවීම වාසනාවත්ත තත්වයක් බවයි.

කෙසේ වෙතත් මෑත කාලයේ ඕස්ට්‍රේලියාවේ සිදුවූ විශාලතම භූමිකම්පාව මෙය වන අතර තවත් පසු කම්පන කිහිපයක් බලාපොරොත්තුවෙන් හානි වූ ගොඩනැගිලි වලින් පුද්ගලයන් ඉවත් කල බව හදිසි සේවා ප්‍රකාශ කරනවා.

සමහර ට්‍රෑම් සේවාවන්ද නතර කර ඇති අතර අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර රථවාහන ධාවනයෙන්‍ ඉවත්ව සිටින ලෙස පුරවැසියන්ට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් රටේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විටත් වසාදමා තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

– තිලාන් ජයසේකර –

RECENT ARTICLES - SINHALA

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...