32 C
Colombo
Thursday, March 28, 2024

වටේ ගිය මර්වින් සිල්වා යළිත් ශ්‍රීලනිපයට

- Advertisement -

ආචාර්ය මර්වින් සිල්වා මහතා යළිත් වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඒ පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින්.

මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්ව හම්බන්තොට ආසනයේ සිටියදී සජිත් ප්‍රේමදාස මහතාව හම්බන්තොට ආසනයට පත්කිරීම හේතුවෙන් ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූවා.

පසුව යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමෙන් අනතුරුව එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය යටතේ මැදකොළඹ ආසනයෙන් තරඟ කළා.

කෙසේවෙතත් 2004 මහා මැතිවරණයෙන් මර්වින් සිල්වා දරුණු ලෙස පරාජයට පත්වූ අතර එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව සෑදූ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනතා විමුක්ති පෙරමුණට ආසන 42 ක් හිමිවුණා.

ඉන් ආසන තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සිටි මර්වින් සිල්වා මහතාගේ බිරිදට ඉන් එක් ආසනයක් හිමිවුණා.

පසුව ඇය එම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීම නිසා යළිත් වරක් මර්වින් සිල්වාට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවුණා.

පසුව මහින්ද රාජපක්ෂ රජය යටතේද නියෝජ්‍ය අමාත්‍ය ධූර, අමාත්‍ය ධූර දැරූ මර්වින් සිල්වා ඔහුගේ පුතණුවන් වන මාලක සිල්වාට රාජපක්ෂ පුතුන් සිදුකළ පහරදීමක් හේතුවෙන් 2013 වසරේ ජනවාරි මස කැළණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූවා.

පසුව 2019 වසරේදී යළිත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරමින් එක්සත් ජාතික පක්ෂයට එක්වූ ඔහු 2020 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකරමින් මැතිවරණ වේදිකාවටද ගොඩවුණා.

2018 වසරේ ජූලි මස 10 වෙනිදා පැවති ‘ජන මහිමය ‘ රැළිය අමතමින් එවක ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා, එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට එදිනම රාත්‍රියේ රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වූ මර්වින් සිල්වා මහතා දක්වන ලද අදහස් පහතින්,

RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු පාසල් සිසුන් 10 ක් රෝහලේ

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර තිබෙනවා. කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...

කාන්තාවකට පහරදී රන් භාණ්ඩ සොරාගෙන

හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ...

උද්ධමනය පහළට

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 මාර්තු මාසයේ පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ජන ලේඛන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...