32 C
Colombo
Friday, March 31, 2023

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් 12 වැනි දිනටත් අඛණ්ඩ සත්‍යග්‍රහයේ

- Advertisement -

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් විසින් පොළොන්නරුව, හිගුරක්ගොඩ නගරයේදී පවත්වන සත්‍යග්‍රහයට දින 12 ක් ගතවී තිබියදීත්, උතුරු මැද පළාත නියෝජනය කරන අදාළ විෂය භාර රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මෙතෙක් එම ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමුකර නැති බවට සත්‍යග්‍රහයේ නිරත ජනතාව චෝදනා කරයි.

අද (19) දිනයේද ඇමතිවරයා අදාළ ස්ථානයට පැමිණෙන බව දැනුම් දී තිබුණද, මෙතෙක් එම ස්ථානයට පැමිණ නැත. පසුගිය 08 දා මේ සත්‍යග්‍රහය ආරම්භ කෙරුණේ මූලික ඉල්ලීම් 05 ක් මුල්කරගෙන ය.

සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම, කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විගණනයක් කරන තුරු සියලු ණය අයකර ගැනීම වහාම නතර කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ට එරෙහිව ගන්නා සියලු නීති ක්‍රියාමාර්ග නතර කිරීම, ක්ෂුද්‍ර ණය මූල්‍ය වින්දිතයන් අසාදු ලේඛනයෙන් වහාම ඉවත් කිරීම සහ ගැති බවින් තොර සමාජ විමුක්තිය කේන්ද්‍ර කරගත් කාන්තාවන් සතු විධිමත් මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීම එම ඉල්ලීම් වේ.

2020 වසර අවසානය වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් 200 කට අධික පිරිසක් සියදිවි නසාගත් බවට වාර්තා වී ඇත. 2021 වසරේ මුල් මාස තුනේදී පමණක් දරුවන් සිව්දෙනෙකු සමග මව්වරුන් තිදෙනෙකු මේ හේතුව නිසා සියදිවි නසාගෙන ඇතැයි වාර්තා තිබේ. ගන්දර, කිලිනොච්චිය, තඹුත්තේගම යන ප්‍රදේශවලින් මේ සිදුවීම් වාර්තා වී ඇත.

අදාළ සත්‍යග්‍රහය පැවති දින 12 තුළ, එම ස්ථානයට වගකිවයුතු පාර්ශ්ව ලෙස පැමිණ ඇත්තේ පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සහ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා පමණි.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...