මේ වන විට උතුරු හා උතුරු මැද ජනතාව දැඩිව පීඩාවට පත්ව සිටින ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් ජනතාව නිදහස් කරගැනීම සදහා වන තීරණ කිහිපයකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සදහා මේ වන විටත් උතුරු හා උතුරුමැද පළාත්වල දිස්ත්‍රික් ලේකම් කාර්යාල 06 ක් මගින් ක්‍රියාත්මක වන සමූපකාර ග්‍රාමීය බැංකු සහ සකසුරුවම් හා ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
රජය නිවේදනය කරන්නේ මේ වන විට උතුරු පළාතට රුපියල් මිලියන 292 ක් සහ උතුරුමැද පළාතට රුපියල් මිලියන 250 ක් වශයෙන් රුපියල් මිලියන 542 ක මුදලක් එම ණය යෝජනා ක්‍රම යටතේ එම ප්‍රදේශවල ජනතාවට ලබාදී අවසන් බවයි.
ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම මගින් ණය මුදල් ලබාගෙන ණයගැතිභාවයට පත්වී සිටින ග්‍රාමීය අඩු ආදායම්ලාභීන් හට සහන සැලසීම සදහා මෙම චක්‍රීය අරමුදල් භාවිතයෙන් අදාල ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරමින් ඔවුන්ට ලබාදෙන උපරිම ණය සීමාව රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම වාර්ෂික පොලී අනුපාතය 9% සිට 6% දක්වා අඩු කිරීමටත් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
උතුරු හා උතුරු මැද ජනතාවට රුපියල් ලක්ෂය දක්වා ක්ෂුද්‍ර මූල්‍ය ණය

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.
කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි
කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.
මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...
RECENT ARTICLES - ENGLISH
අද ඩොලරය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.
Former US president faces criminal charges
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...
Breaking: Fuel prices reduced
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today.
Litre of...