27 C
Colombo
Wednesday, March 19, 2025

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලැබූ පිරිමි දරුවාත් මරුට

- Advertisement -

මිද්දෙණිය ප්‍රදේශයේ පෙරේදා (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබෙනවා.

එම දරුවා ගාල්ල ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙක්.

ඊයේ රාත්‍රී මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩිතැබීමක් අතරතුර මෙම දරුවාටද වෙඩි ප්‍රහාරයක් එල්ලවුණා.

වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අතර, යතුරුපැදියේ ගමන්කළ ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලබා තිබුණා.

අනතුරුව ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කළද එහිදී දියණිය ද මිය ගියා.

RECENT ARTICLES - SINHALA

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

POPULAR ARTICLES