25 C
Colombo
Saturday, December 9, 2023

අලුත් පක්ෂයකින් මිහින්තලාවේ නාහිමිත් දේශපාලනයට

- Advertisement -

ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් නව නිදහස් අරගලයකට මුලපුරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් පවසනවා.

මිහින්තලා රජමහා විහාරයේදී පසුගිය 28 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මිහින්තලා රජමහා විහාරාධිපති ධම්මරතන හිමියන් තවදුරටත් ප්‍රකාශ කළේ නිදහස ලැබීමෙන් පසුව මෙරට සියලු ජන කොටස් පීඩාවට පත් කරනු ලැබුවේ මේ දක්වා පැවැති පාදඩ දේශපාලනය වන අතර රටේ ජනතාව වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයකු පෙනී නොසිටින බැවින් මෙම පියවර ගත් බවයි.

මේ අතර, නිදහස් අරගලය වෙනුවෙන් පවත්වනු ලබන සමුළුවට පෙර ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා අතර එළැඹෙන ඔක්තෝබර් මාසයේ 14 වැනිදා සවස 2.00 ට සිව් කොණේ සිටින භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හා ආගම් භේදයකින් තොරව සියලුම ගිහි පිරිසගේ සහභාගිත්වයෙන් එම සමුළුව ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්වීමට කටයුතු කරන බව උන්වහන්සේ පැවසුවා.

මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් මෙහිදී රටේ ක්‍රියාත්මක වන විනයක් නොමැති අසංවර දේශපාලනය අවසන් කිරීමට සියලුම දෙනාටම ඒකරාශී වන ලෙස ඉල්ලීමක්ද සිදු කළා.

මෙම අවස්ථාවට එක්ව සිටි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ නායකත්වයෙන් ඔක්තෝබර් මාසයේදී මහා සඟ සමුළුවක් පවත්වා රටට අවැසි වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

සමාජ මාධ්‍ය වාරණ පනත වැනි විවිධ පනත් ගෙන එමින් රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රශ්න වසන් කිරීමට කටයුතු කරන අතර එම වැඩ පිළිවෙළවල වහා හකුළා ගත යුතු බව ආනන්ද සාගර හිමියන් මෙහිදී අවධාරණය කළා.

උන්වහන්සේ තවදුරටත් සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ යෙදවීම වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරනුයේ උද්ඝෝෂණ හා මාධ්‍ය සාකච්ඡා වාරණය කිරීම පමණක් බවයි.

එමෙන්ම, ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව මෙරට ස්වජාතික ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත වැඩ පිළිවෙළක් ඔක්තෝබර් මාසයේදී ඓතිහාසික මිහින්තලා පුද බිම මැද මළුවේදී ජාතියට ප්‍රකාශ කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාව සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ආනන්ද සාගර, සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන, ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වෙල ශාසන රතන යන හිමිවරුද සහභාගී වී ඇති බව වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...