26.7 C
Colombo
Sunday, July 20, 2025

බොරතෙල්වලට බලපාන යුද ගැටුම්

- Advertisement -

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (16) දිනයේ  WITබොරතෙල් බැරලයක මිල ඩොලර් 77.08කට අලෙවි වු අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී ඇත්තේ ඩොලර් 75.37ක් ලෙසයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාරයන් ආරම්භ වීමට පෙර පසුගිය 12වනදා ලෝක වෙළෙඳපොළේ  WITබොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 68.04ක් ලෙස වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී තිබුණේ ඩොලර් 69.24ක් ලෙස වාර්තා වී තිබුණා.

ඒ අනුව පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබෙනවා.

මැදපෙරදිග මෙම යුද වාතාවරණය අඛණ්ඩව පැවතියහොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවා.

මේ හේතුවෙන් මෙරට ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
 
RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES