මේ වන විට පවතින කිරිපිටි හිඟයත් සමඟ අඹේවෙල හයිලන්ඩ් කිරි නිෂ්පාදනාගාරය මඟින් නිපදවන හයිලන්ඩ් කිරි පැකට් මිලදී ගැනීම සඳහා නුවරඑළිය ප්‍රදේශවාසීන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පෝලිම් ගැසී සිටින බව අප වාර්තාකරුවන් පවසනවා.
අඹේවෙල කිරිපිටි කම්හලේ අලෙවිසැල මේ වන විට වසා ඇති බැවින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව විසින් පවත්වාගෙන යන අලෙවිසැල ඉදිරියේ ජනතාව කිරිපිටි මිලදී ගැනීමට මෙලෙස පෝලිම් ගැසී සිටිනවා.
එක් පුද්ගලයෙකුට එක් කිරිපිටි පැකට්ටුවක් පමණක් ලබාදෙන තත්ත්වයකදී උවත් දිගු පෝලිමක් දක්නට ලැබෙන අතර ඔවුන්ව පාලනය කිරීම සදහා පොලීසියද යොදවා තිබෙනවා.

