24 C
Colombo
Sunday, October 1, 2023

මිල්කෝ සමාගමත් කෝපා හෝ කෝප් කමිටුවට

- Advertisement -

කිසිදු අවස්ථාවක විගණනයට ලක්ව නැති මිල්කෝ සමාගම කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මිල්කෝ සමාගමේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.

මිල්කෝ සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මිල්කෝ සමාගමෙන් ජනතාවට සිදුවිය යුතු නිසි මෙහෙවර ඉටුනොවන බවත් දූෂණ හා වංචා නිසා එම සමාගමට විශාල මුදලක් අහිමි වන බවද වෘත්තීය සමිත් නියෝජිතයන් පෙන්වාදී තිබෙනවා.

ඒ හේතුවෙන් විගණනයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ඔවුන් පවසා තිබුණා.

ඒ අනුව මෙම සමාගමේ ඉහළ කළමනාකාරීත්වය කෝප් සහ කෝපා කමිටු ඉදිරියට කැඳවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන මිල යළි ඉහළට ?

ඔක්තෝම්බර් මාසයේදී යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඩේලි FT වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර පසුගිය මාස 02ක තුළ ද අඛණ්ඩව ඉන්ධන...

අපේම සල්ලි අපිටම දීලා

අමෙරිකානු ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ නඩු පැවැරූ හැමිල්ටන් රිසර්ච් බැංකුවට...

ත්‍රිකුණාමලයේ රෝහලක ගින්නක්

රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. අදාළ ගින්න හටගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රදේශයෙන් බවයි අනාවරණය වන්නේ. පොලිසිය සඳහන් කළේ මේ වනවිට ගින්න...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...