24 C
Colombo
Thursday, February 13, 2025

ඇමති බිමල් කෝච්චියේ වැඩට ගිහින්

- Advertisement -

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) උදෑසන මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක ගමන් කර තිබෙනවා.

උදෑසන 7.13 ට මොරටුවෙන් පිටත් වූ කෝච්චියේ ගමන් ගත් අමාත්‍යවරයා එහි සිටි ජනතාව සමඟ කතා බහ කරන ආකාරයේ දර්ශනද මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වීම දැකිය හැකියි.

මෙහිදී අමාත්‍යවරයා පෙර දැනුම්දීමකින් හෝ මාධ්‍ය කැඳවීමකින් තොරව මෙලෙස දුම්රියේ ගමන් කර ඇති අතර දුම්රියට ගොඩවීමේදී ආබාධිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝග, ධාවන පථවල සහ දුම්රිය ස්ථානවල අපිරිසිදු තත්ත්වයන් සහ අනාරක්ෂිත අවදානම් ඇති කරන යල් පැන ගිය දුම්රිය අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳව මගීන් සිය පැමිණිලි අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම මෙම ගමන අතරතුර අමාත්‍යවරයා ඇතැම් දුම්රිය ස්ථානවලදී බැස ක්ෂණික නිරීක්ෂණයන් කර නැවත කෝච්චියට ගොඩවන ආකාරයද දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

POPULAR ARTICLES