33 C
Colombo
Friday, April 19, 2024

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් ඇමති ඩලස් සමාව අයැදියි

- Advertisement -

ජනමාධ්‍ය ආයතන කිහිපයක් නිසා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියට ඇතිවූ සිත්තැවුල නිසා තමන් පෞද්ගලකවම ඇය අමතා සමාව ඉල්ලා සිටි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

පසුගියදා ගේට්වේ ජාත්‍යාන්තර පාසල සංවිධානයක කරන ලද වෙබ් සම්මන්ත්‍රණයකදී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය දැක්වූ අදහස් විකෘති කරමින් ජනමාධ්‍ය ආයතන කිහිපයක පලවූ පුවත් කිහිපයක් සම්බන්ධයෙන් ඉතා සිත් තැවුලෙන් ඇය ෆේස්බුක් සටහනක් තබා තිබුණා.

ඉන් කියැවුණේ එම පුවත්වල සදහන් කිසිදු කරුණක් තමන් එම සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ නොකළ බවයි.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නෙ තමන්ද එම වෙබ් සම්මන්ත්‍රණයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අදහස් දැක්වූ සම්පූර්ණ කතාවම පෞද්ගලිකවම ශ්‍රවණය කළ බවත් එය එහිදී පලකළ අදහස් විකෘති කර ඇති බවත්ය.

එබැවින් එම අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනූවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස තමන් සියළුම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටින බවද නිවේදනය කරනවා.

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...