ඇමති ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරා පහරදී මරාදමලා

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු කැස්බෑව – මාවිත්තර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අද (21) සවස පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා. කිසියම් පිරිසක් විසින් රියදුරුට පහර දී ඇති අතර ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලීසිය සදහන් කරන්නෙ. කෙසේවෙතත් මෙම පහරදීමට හේතුව සොයා කැස්බෑව පොලිසිය මේවන විටත් පරීක්ෂණ පවත්වනවා.