30.9 C
Colombo
Thursday, April 25, 2024

තෙල් නැවකට නැගි ඇමති ගම්මන්පිල සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වෙයි (වීඩියෝ)

- Advertisement -

තෙල් නැවකට නැගි පළමු අමාත්‍යවරයා තමන් බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ පලකර ඇති ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ පිරිසක් හාස්‍යයට ලක්කර තිබෙනවා.

බොහෝ දෙනෙක් අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ ” ඒ අනුව මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ දැවෙන ප්‍රශ්න රැසකට පිළියම් ලැබුනේද” යන්නයි.

තෙල් සංස්ථා ආරංචි මාර්ග උපුටා දක්වමින් මහත් සන්තෝෂයින් නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙලෙස ගොඩවී ඇත්තේ ඩුබායි සිට මෙරටට ඉන්ධන රැගෙන ආ ඉන්ධන නෞකාවකටයි.

ඊයේ (22) දිනයේ මාධ්‍යවේදියෙකු ගම්මන්පිල මහතාගෙන් විමසූයේ ආදිවාසී ජනතාවට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන රඹකැන්ඔය රක්ෂිතය කපා විනාශ කිරීම සම්බන්දයෙන් පවතින තත්ත්වය කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන්ට ඒ පිළිබදව අධ්‍යයනය කිරීම සදහා මේ වන තෙක් වේලාවක් නොලැබුණු බවයි.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...