33 C
Colombo
Thursday, March 28, 2024

ඖෂධ භාර ඇමති චන්න දන්නෙ නෑ රටේ ඖෂධ නෑ කියලා

- Advertisement -

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා වන චන්න ජයසුමන මහතාට මෙරට පවතින සහ නොපවතින ඖෂධ පිළිබඳව අවබෝධයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

රටේ සෞඛ්‍ය තත්වය එවැනි තත්වයකට පත්ව ඇති බවයි අද (21) දින මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ.

“මේ වගේ විහිළුකාරයෝ තමයි අද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලැගගෙන ඉන්නේ. ලෝකයේ ප්‍රසංසාවට ලක් වුණු කීර්තිමත් අමාත්‍යංශයක් අද මේ තරම් බලු තත්වයකට ඇදලා දාලා තියෙනවා මේ මිනිස්සු.

අද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ 169ක් හිඟයි. මෙහෙම ප්‍රශ්න තියාගෙන එයාලා ජෝකර්ලා වගේ විහිළු කරනවා. මේ වගේ ප්‍රාථමික දෙයක්වත් දන්නෙ නැති ඇමති ඖෂධ වේදය ගැන පීඑච්ඩී එකක් කරේ කොහොමද දන්නෙ නෑ. හැබැයි අනුන්ට ගරහනවා. මටත් චෝදනා කරනවා. දැණ් ඇවිල්ලා අවුරුදු 1.5ක් උනානේ මං අභියෝග කරනවා ඔප්පු කරන්න කියලා. වාචාලකම් දොඩලා, වෛද්‍යවරයෙක් හැටියට නෙවෙයි, තුට්ටු දෙකේ දේශපාලඥයෙක් වගේ හැසිරෙනවා.

මේගොල්ලො දන්නවා මේ පළවෙනි සහ අවසන් වතාව කියලා. මේගොල්ලො වසංගත රෝග එකට වෙලා කරන්නේ වසංගතේ මර්ධනය නෙවෙයි වෙන දේවල්. ඒවා මම ඉස්සරහට කියන්න.” යැයි ඒ මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

බිත්තර ආනයනයට සීමා

අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි ඉන්දියාවෙන් බිත්තර ආනයන කිරීමේ කටයුතු සීමා කර තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ,...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.45ක් ලෙස...