29 C
Colombo
Friday, March 29, 2024

කොරෝනාවට එරෙහි බෙහෙත් කරල ගැන ඇමති ජයසුමනගේ අවධානය

- Advertisement -

කොවිඩ් 19ට එරෙහිව ඇමෙරිකාවේ ‘මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘Molnupiravir’ ඖෂධය මෙරටට ගෙන්වාගත යුතු ද යන්න පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා තිබෙනවා.

ඔහු වෙත ලිපියක් යොමුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මුඛයෙන් ලබාදෙන මෙම වෛරස් නාශක ඖෂධය මගින් කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරිම සහ මරණයට පත්වීම දළ වශයෙන් සියයට 50කින් වළක්වන්නේ යැයි මර්ක් ඖෂධ සමාගම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

අදාල ඖෂධය රටවල් රැසක් විසින් නිර්දේශ කරමින් ඇණවුම් කර ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය කළමනාකරණය කිරීම සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳව කොරෝනා විද්වත් කමිටු මතය තමන් වෙත දන්වා එවන ලෙසත් රාජ්‍ය අමාත්‍වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, මෙම නව ඖෂධය ලබා ගැනීමේ අවශ්‍යතාවක් පවතී නම්, ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදෙන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

‘මොනුපියර්වියර්’ වයිරස නාශක ඖෂධයක් වන අතර එහි අතුරු ආබාධ කිසිවක් නොමැති බවයි එය නිෂ්පාදනය කළ ‘මර්ක්’ සමාගම පෙන්වා දී ඇත්තේ.

සායනික පර්යේෂණවලදී ‘කොවිඩ් 19’ රෝගීන්ට දිනකට දෙවරක්, කරල් 4 ක් බැගින්, දින පහකට ‘මොල්නුපියවියර්’ ලබා දීම සිදු කළ බවත් අදාල සමාගම පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් වී, කිසිදු ලාභයක් අපේක්ෂා නොකර ‘මොනුපියර්වියර්’ කරල් දිළිඳු රටවලට ලබා දීමේ වැඩපිළිවෙළක් සැකැසීම කෙරෙහි ද මේ වනවිටත් ‘මර්ක්’ සමාගමේ අවධානය යොමු වී ඇති බවයි පැවසෙන්නේ.


RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...