27 C
Colombo
Saturday, June 10, 2023

රට වසා තිබියදී ඇමති ජීවන් තොණ්ඩමන් ක්‍රිකට් තරඟාවලියක් පවත්වලා (ඡායාරූප)

- Advertisement -

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසින් කාන්තා ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව කොටගල CLF ක්‍රිඩා පිටියේදී ලංකා කම්කරු කොන්ග්‍රසයේ කාන්තා අංශයේ සාමාජිකාවන් අදාළ තරඟාවලියට සහභාගී ඇති බවයි ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කරන්නේ.

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවති එම තරඟාවලියෙන් අනතුරුව ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවටද රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහභාගීවී තිබෙනවා.

දිවයින පුරා සංචරණ සීමා පනවා පිරිස් ඒකරාශීවීම් තහනම් කර ඇති පරිසරයකදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙවැනි ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීම මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස විවේචනයට ලක්ව තිබෙනවා.

සංචරණ නීති කඩකරන්නන් සොයා පොලීසිය ඩ්‍රොන කැමරාද යොදාගන්නා කාලයක ප්‍රසිද්ධියේ මෙවැනි ක්‍රිකට් තරඟාවලි සංවිධානය කර එහි ඡායාරූපද අමාත්‍යවරයා විසින්ම පලකිරීම සංචරණ නීති රජයේ අමාත්‍යවරුන්ම හාස්‍යයට ලක්කිරීමක් වනවා.

මීට පෙර කුරුණෑගල නගරාධිපතිවරයාද සිය උපන්දිනය වෙනුවෙන් කුරුණෑගල පොලිසිය තුළදීම කේක් කපා උපන්දින සාදයක් පැවැත්වුවත් ඔහුට එරෙහිව අද වන තුරුත් කිසිදු නීතිමය කටයුත්තක් සිදු නොවීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මේ වන විට අදාළ ෆේස්බුක් සටහන සංස්කරණයට ලක්කර තිබෙනවා.

මෙම ක්‍රිකට් තරඟාවලියට අදාළ ඡායාරූප පැරණි ඒවා බව සටහන් කිරීමට අදාළ ෆේස්බුක් සටහන ‘Throwback’ ලෙස වෙනස් කිරීමට රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ක්‍රිකට් තරඟාවලිය පැවැත්වූ දිනයක් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර නොමැති අතර එම ඡායාරූප අද (06) දිනයේ ප්‍රසිද්ධියට කර තිබෙනවා.

මෙය සංචරණ සීමා පැනවීමට පෙර පැවැත්වූ තරඟාවලියක් නම් වගකිවයුතු රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අදාළ දිනය සටහන් කර ප්‍රසිද්ධ කලයුතුව තිබුණා.

එහෙත් රාජ්‍ය අමාත්‍යවරයා මෙතෙක් එවැනි නිවැරදිකිරීමක් හෝ සිදුකර නැහැ.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.