31 C
Colombo
Friday, April 19, 2024

පෞද්ගලික උත්සවවලට තමන්ට ආරාධනය නොකරන්නැයි ජනපතිගේ ඉල්ලීම ඇමති කෙහෙළිය නොසලකා හැරලා

- Advertisement -

පසුගිය වසරේ ජූලි මස පළමුවෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ තමන් හට පෞද්ගලික උත්සව සඳහා ආරාධනා නොකරන ලෙසයි.

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෛනික කාර්යන් ලෙස ප්‍රමුඛතාවය දී ඇති බැවින් එවැනි ඉල්ලීමක් සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මේ හේතුවෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා ත්‍යාග ප්‍රදාන උත්සව, විවාහ උත්සව, සාද වැනි අවස්ථාවන්ට සහභාගීවීමට අපේක්ෂා නොකරන බැවින් ජාතික වගකීම් සපුරාලීමට සදහා ඒ මහතාට කාලය ලබාදී එවැනි ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද නිවේදනයේ සඳහන් වුණා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය දියණියගේ විවාහ උත්සවය සඳහ ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය 30 වනදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති එම විවාහ උත්සවය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අයෝමා රාජපක්ෂ මැතිණිය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වුණා.


RECENT ARTICLES - SINHALA

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ රත්‍රං මිලෙහි වෙනසක්

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වනවා.  සිකුරාදා උදෑසන ආසියානු...

රනිල්ට තනතුරක් ඕනනම් සජබෙට සහය දෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන...

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...