නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා හට අද බස් රථ කිහිපයකදී විරෝධයක් එල්ලවී තිබෙනවා.
ඒ අද (01) උදෑසන කොළඹ මැනින් වෙළෙඳපොළ අසල සිට ධාවනයවීමට නියමිතව තිබූ බස් රථ කිහිපයකටම නැග අමාත්‍යවරයා නිරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් සමඟයි.
එහිදී මාධ්‍ය සමඟ පැමිණ අමාත්‍යවරයා සිවුකරන මෙම අනවශ්‍ය නිරීක්ෂණය නිසා බස් රථ ධාවනය කිරීමට ප්‍රමාද වන බැවින් එහි සිටි මඟීන් නාලක ගොඩහේවා මහතාට සිය විරෝධය පලකළා.