27.8 C
Colombo
Friday, April 26, 2024

අද පාසල් පැමිණි දරුවන්ට ඇමති රෝහිත මාමාගේ රුව යෙදූ බෑග් බෙදලා (ඡායාරූප)

- Advertisement -

කොවිඩ් වසංගතය හමුවේ නිවසට සීමාවී අධ්‍යාපනය අඩාල වූ දරුවන් නැවත නිසි ලෙස අධ්‍යාපනය ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අද (21) දිවයින පුරා සිසුන් 200ට අඩු පාසල් විවෘත කෙරුණා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ විවෘත වූ පාසල්වල දරුවන් දැකබලාගැනීම සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද එම දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකට ඇද ගොස් තිබුණා.

එහිදී රෝහිත අබේගුණවර්ධන පදනම ක්‍රියාත්මක කරන “සිසු දරු යාත්‍රා” ව්‍යාපෘතිය යටතේ දරුවන්ට පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදීමක් ද සිදුකෙරුණු බව ඒ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

එම බෑග් වල රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ රුව විශාල ප්‍රමාණයෙන් මුද්‍රණය කර තිබූ අතර “රෝහිත මාමාගෙන් පුංචි තිළිණයක්” ලෙසට සටහන් කිරීමටද අමාත්‍යවරයා අමතක කර තිබුණේ නැහැ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...