30.4 C
Colombo
Wednesday, April 24, 2024

සංචරණ සීමා මැද ඇමති සරත් වීරසේකර තවත් පොලිස් ස්ථානයක් විවෘත කරලා

- Advertisement -

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් පොලිස් ස්ථානයක් විවෘත කර තිබෙනවා.

ඒ කොළඹ උතුර පොලිස් කොට්ඨාශයට අයත් මෝදර පොලිස් බලප්‍රදේශය තුළ පිහිටුවන ලද මිහිජයසෙවන නව පොලිස් ස්ථානයයි.

එම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගීවී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රදේශයේ සුලභ මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩලීම හා පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පොලිසිය විසින් ජනතාවට සිදු කරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමට මෙම පොලිස් ස්ථානය ස්ථාපිත කළ බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සියලුම ආකාරයේ විවෘත කිරීම් ඇතුළු උත්සව තහනම් කර තිබෙනවා.

මීට පෙරද විවෘත කිරීම් තහනම් කර තිබෙන තත්ත්වයක් තුළ කැස්බෑව නව පොලිස් ස්ථානය විවෘත කිරීමද මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.


RECENT ARTICLES - SINHALA

සිරිසේනට ස්ථිර අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24) තවත් වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ එම පක්ෂයේ හිටපු...

දුමින්ද, ලසන්ත සහ මහින්ද ඉවත් කිරීමට එරෙහි වාරණය යළි දීර්ඝ කෙරේ 

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම...

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ගැන පොලිසියට සැකයක්

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...