වාර්ෂික විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟය එල් සැල්වදෝරයේ දී පැවැත්වුණා.
තරඟකාරියන් 84 දෙනෙකු අතරින් මෙවර විශ්ව රූ රැජින ලෙස කිරුළු පළඳින්නට නිකරගුවාවේ සුරූපිනිය වූ Sheynnis Alondra Palacios Cornejo සමත්ව තිබෙනවා.
තායිලන්තයේ Anntonia Porsild දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර ඔස්ට්‍රේලියාවේ Moraya Wilson තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.
රටවල් 84 ක ජාතික තරඟාවලියේ ජයග්‍රාහකයින් මෙවර විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා තරඟ කර ඇති අතර, නිරූපිකාවක් වන Halima Aden, “Queer Eye” තරුව Carson Kressley, Tiktok හි තරුවක් වන Avani Gregg සහ හිටපු විශ්ව රූ රැජින ජයග්‍රාහකයන් දෙදෙනෙක් වබ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ හි ජැනෙල් කොමිස් (Miss Universe 1977) සහ ප්‍රංශයේ අයිරිස් මිටෙනරේ (Miss Universe 2016) විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් වනවා.