යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් ප්‍රහාරයකින්, ළමා රෝහලක් විනාශ වූ බවත් වාර්තා වනවා.
රුසියන් ප්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසනවා.
මිසයිල ප්‍රහාරයෙන් විනාශ වූයේ ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහල් ගොඩනැගිල්ලයි.
රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව සඳහන්.
ප්‍රහාරයත් සමඟ රෝහල් ගොඩනැගිල්ලේ පිපිරීම් කීපයක් සිදුවුණු බවද වාර්තා වනවා.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන සහ ඉන්ද්‍රයන් බද්ධ කිරීම් සිදු කරන කීව් අගනුවර ප්‍රධාන පෙළේ රෝහලක් ලෙස ඔහ්මට්යාඩ් ළමා රෝහල සැලෙකෙනවා.